/ Feb 10, 2026

ආණ්ඩුවේ පච මීටර් කටු දැන් කඩාගෙන ගිහිල්ලා ඉවරයි!

රටක් පාලනය කිරීම පහසු කටයුත්තක් නොවන බව ආණ්ඩුව දැන් ඔප්පු කර අවසන් බව සමඟි ජන බලවේගයේ තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

ආණ්ඩුව කෙරෙහි ජනතාව තිබුණු විශ්වාසය බිඳ වැටී බවත් එහෙයින් ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට බිය බවත් ඔහු සඳහන් කළේය.

”ආණ්ඩුව මැතිවරණයක් පවත්වන්න බයයි. ජනතාවට ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසය දැන් බිඳි ගොස් තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ ආණ්ඩුව හෝ රටට අවශ්‍ය මොහොතේ නෙවෙයි. වෙනත් පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුවයි. කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකයට කිසිදු සුභවාදි දෙයක් සිදුවෙලා නැහැ. ඒ වගේම රටක් පාලනය කිරීම ලේසි පහසු කටයුත්තක් නොවන බව වර්තමාන ආණ්ඩුව ජනතාවට ඔප්පු කරලා අවසානයි. ඒ වගේම මැතිවරණයක් පැමිණෙන තුරු ජනතාව බලාගෙන සිටිනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවට කිසිදු කටයුත්තක් හරියාකාරව කර ගැනීමට නොහැකි බව බහුතරයකට වැටහි තිබෙනවා. කෙසේ නමුත් දැන් ආණ්ඩුවේ පච මීටර් කටු කඩාගෙන ගිහින් තිබෙන්නේ.‘‘ යනුවෙන් සේනානායක මහතා කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top