/ Dec 29, 2025

”දිට්වා” පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම! (PHOTOS)

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුමට අනුව ඊයේ (12) දින හානියට පත්වු කන්දකැටිය බදුලු ඔය වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරිම, ජාතික භික්ෂු පෙරමුණේ හම්බන්තොට, මාතර, රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික්කවල ස්වාමින් වහන්සේලා හතලිස් නමක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්, ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් විසින් සිදු කෙරුණි.

මෙහිදි බදුල්ල දිස්ත්‍රික්කයේ, කන්දකැටිය ප්‍රදේශයේ ඇති ප්‍රධාන වාරි ව්‍යාපාර තුන අතුරින් මෙම බදුලු ඔය ව්‍යාපාරය මගින් අක්කර 1750 ක් හා පවුල් පන්දහකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර මෙම අධිෂ්ඨාන මහිම ව්‍යාපෘතිය මගින් දින 14ක් ඇතුලත මෙම හානි වූ ඇලමාර්ග ප්‍රතිසංස්කරණ කර මහා කන්නය සඳහ දියවර ලබා දී කෘෂිකර්මාන්තය නගා සිටුවීම මෙහි අරමුණයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top