යුදමය වාතාවරණය හමුවේ ලොව ප්‍රමුඛතම Cloud Services සපයන්නා වන ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථාන කිහිපයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දත්ත මධ්‍යස්ථාන දෙකකට සෘජුවම හානි සිදුව ඇති අතර බහරේනයේ පිහිටි මධ්‍යස්ථානයකට බලපෑම් එල්ල වී ඇති බවයි.
මෙම අනපේක්ෂිත සිදුවීමත් සමග මැදපෙරදිග කලාපයේ බැංකු කටයුතු, වෙබ් අඩවි සහ ජංගම දුරකථන යෙදුම් රැසක ක්‍රියාකාරිත්වය අඩාල වී ඇති ඇති බව සඳහන්.
ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති අතර විදුලි පද්ධති අක්‍රිය වීමෙන් දත්ත සැකසීමේ කටයුතු නතර වී තිබේ.
පවතින අනාරක්ෂිත බව හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තම සේවාවන් භාවිතා කරන සියලුම ආයතන වෙත වහාම තම දත්ත යුරෝපය හෝ අමෙරිකාව වැනි ආරක්ෂිත කලාපවල පිහිටි සර්වර් වෙත මාරු කරන ලෙස ඇමසන් සමාගම උපදෙස් දී ඇති බවද දැක්වෙයි.
මෙම තත්ත්වය කලාපයේ ඩිජිටල් ස්ථාවරත්වය පිළිබඳ දැඩි ගැටලුවක් මතු කා තිබෙන අතර ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමක දත්ත යටිතල පහසුකම්වලට යුදමය ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම අවස්ථාද මෙය ලෙස දැක්වෙයි.





