/ Jan 17, 2026

2025 ඉලක්කය පසුකරගෙන ගිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2026 ලැබුණ ඉලක්කය!

දේශීය ආදායම් ඉතිහාසයේ වැඩිම ආදායම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වසරේ උපයා ගෙන ඇති අතර 2026 ඉලක්ක තවදුරටත් වැඩි වී තිබේ.

ඒ අනුව 2026 වසරේ ආදායම් ඉලක්කය ලෙස රුපියල් බිලියන 2402ක ඉලක්කයක් පවතින් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොමසාරිස් නන්දන කුමාර පවසන්නේ.

පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් බිලියන 2202ක ඉලක්කයක් හිමිව තිබූ අතර එම ඉලක්කය පසු කරමින් රුපියල් බිලියන 2244ක ආදායමක් උපයා තිබුණි.

”2025 වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දුන්න ආදායම් බදු ඉලක්කය වූයේ බිලියන 2002 ක්. ඒ ඉලක්කයෙන් 2025 වර්ෂයේදී එකතු කරා රුපියල් බිලියන 2244 ඉන් අදහස් වෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදුන් ඉලක්කය ඉක්මවා බිලියන 42 ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්ම උපයාගැනීමට සමත් වුණා. ඊට අතිරේකව අපි අරගත්තොත් මේ ආදායම දේශීය ආදායම් ඉතිහාසයේ උපයාගත් වැඩිම ආදායම.2026 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දීලා තියෙන ඉලක්කය රුපියල් බිලියන 2402 ක්. මේ ගාන ලබාගන්න අපේක්ෂා කරන්නේ බදුු ගෙවන්නන්ගේ පදනම පුළුල් කිරීම බදු අනුකූලතාවය ශක්තිමත් කිරීම ඊළඟට අවදානම පාදක කරගත්ත විගණන ක්‍රමයන් ශක්තිමත් කිරීම. මේ හරහා දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල්වරයා සහ රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සමග ගිවිසුමක් ගැහුව ඊයේ ඒකාබද්ධ විගණන කිරීම සම්බන්ධව. අපි බලාපොරොත්තු වෙනවා මෙම ආදායම් ඉලක්කය ළඟා කර ගැනීමට මෙම ක්‍රමවේදයන් ඉවහල් වෙයි කියලා.” යනුවෙන් කොමසාරිස්වරයා තවදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top