/ Dec 06, 2025

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ – කොළඹ නුවර පාරත් වහයි!

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය ආශ්‍රිතව ගල් හා පස් කඳු පෙරළීමේ අවදානමක් පවතින බැවින් වාහන ධාවනය කිරීමේදී දැඩි විමසිලිමත් වන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඉල්ලා සිටියි.

අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණය හේතුවෙන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දැඩි අවදානම් කලාපයක් බවට ශ්‍රී ලංකා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වන විට 18 වංගු කලාපයට සුළු වශයෙන් ගල් හා පස් පෙරළීම් සිදුවන බවත් එම මාර්ගයේ වාහන ගමන් කිරීම සීමා කිරීම හෝ ධාවනයේදී දැඩි විමසිලිමත් වන ලෙසත් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත තවදුරටත් ඉල්ලා සිටියි.

මේ අතර නායයෑමක් හේතුවෙන් වසා දමා තිබී යළි විවෘත කරනු ලැබූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10 සිට යළිත් දින නියමයක් නොමැතිව වසාතැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව මීට පෙර මාර්ගය වසා තැබූ ගනේතැන්න ප්‍රදේශයෙන් යළි මාර්ගය වසා තැබෙන අතර, ඒ හේතුවෙන් පෙර පරිදි විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් නිකුත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top