/ Nov 13, 2025

නොවැම්බර් 01 සිට එන අලුත්ම නීතිය!

එළඹෙන නොවැම්බර් මස 01 වැනි දින සිට පොලිතීන් බෑග් සඳහා ක්‍රියාත්මක වන පරිදි නොමිලේ ලබා දීම අත්හිටුවා තිබෙන අතර වෙළෙඳ සැලෙන භාණ්ඩ මිලදී ගන්නා විට පාරිභෝගිකයා විසින් පොලිතීන් බෑග් (LDPE & LLDPE ප්ලාස්ටික් බහාලුම් මලු) ගන්නේ නම් එම මිල ද බිල්පතෙහි සඳහන් කළ යුතු වෙයි.

මේ අතර ව්‍යාපාරික ස්ථානයේ පොලිතීන් බෑග් මිලද ප්‍රදර්ශනය කළ යුතු වෙයි.

මෙය 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) ආ (ii) වගන්තිය යටතේ නිකුත් කළ විශේෂ විධානයකි.

පරිසර ආරක්ෂණය වෙනුවෙන් ගෙන ඇති පියවරක් ලෙස මෙය දැක්වෙන අතර වෙළෙඳ,වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙය ක්‍රියාත්මක කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top