/ Feb 06, 2026

විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ කටයුතු සූදානම්!

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙන අතර මෙම මස අවසානය වන විට ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙළ අදියර 5ක් යටතේ සිදුවන අතර ඉන් අදියර 4ක් මේ වන විටත් සාර්ථකව අවසන් කර ඇත.

මූලික පැවරුම් සැලැස්ම, වාර්ෂික විදුලි ප්‍රසම්පාදන සැලැස්ම, දිගුකාලීන ජනන සැලැස්ම, දිගු කාලීන සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්ම යන අදියර එලෙස අවසන් කර ඇති බවයි විදුලිබල මණ්ඩල පරිවර්ථන කාර්ය සාධක බළකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙහි අවසන් පියවර වන ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය සකස් කිරීම තවදුරටත් සිදුවන අතර එය පෙබරවාරි මස තෙවන සතිය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතයි.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්වේඡාවෙන් විශ්‍රාම යෑමට ඉල්ලුම් කළ පුද්ගලයින්ට වන්දි ගෙවීමේ කටයුතු ද ඒ අනුව සිදුකිරීමට නියමිතව තිබෙන අතර විදුලිබල සේවකයින් 2,173 දෙනෙකු ස්වේඡාවෙන් විශ්‍රාම යෑමට ඉල්ලුම් කර තිබු අතර ඉන් 20දෙනෙකු එම ඉල්ලා අස්වීම යළි කැඳවිමට තීරණය කර ඇති බව ද සදහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top