නිරිත දිග බෙංගාල බොක්ක අවට මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා අද (23) සිට වැසි තත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.
ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථානක කිහිපයකට සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය.
ඒ අතර දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදනද ඉවත් කිරීමට ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.





