/ Jan 23, 2026

පාසලෙන් උස්සා දරුවන් අපයෝජනය කළ භික්ෂුව අත්අඩංගුවට!

පාසල් පැමිණෙන සිසුන් තිදෙනෙකු රවටා පාසල අසලදී මෝටර් රථයක දමාගෙන ගොස් මුදල් ලබා දී එම දරුවන් අපයෝජනයට ලක් කළ බව කියන භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

මෙය අනාවරණය වී ඇත්තේ එක් සිසුවෙකු සතියක් පුරා පාසල් නොපැමිණීම හේතුවෙනි. සැකකාර භික්ෂුව දරුවන් මෙලෙස රැගෙන ගොස් අපයෝජනය කර නැවත පාසල් ඇරෙන වේලාවට ගෙනැවිත් දමන බවත් දෙමව්පියන් මේ ගැන කිසිත් නොදන්නා බවත් හෙළිවී තිබේ.

පංති භාර ගුරුවරිය සහ විදුහල්පතිවරයා විසින් මේ බව දැනගෙන පොලිසිය දැනුවත් කර සූක්ෂ්ම ලෙස මෙම ක්‍රියාව හෙළිකරගෙන ඇත. මෙම භික්ෂුව විසින් විහාරස්ථානයේ සිටින සාමණේර හිමියන්ද අපයෝජනය කර ඇත්තේ මසකට රුපියල් 50000ක් පමණ මුදල් ලබා දී බව කියති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top