/ Jun 18, 2025

ඩෑන්ගේ ඝාතනය ගැන කට් බන්දු වමාරයි!

Breaking: Dan Priyasad killed in a shooting attack!

කාලයක් තිස්සේ පැවැති පවුල් ආරවුලක් හේතුවෙන් ඩෑන් ප්‍රියසාද් නමැත්තා මරා දැමූ බව සැකපිට අත්අඩංගුවේ සිටින කට් බන්දු නමැත්තා පාපෝච්ඡාරණය කර ඇතැයි වාර්තා වේ.

ඩෑන් ප්‍රියසාද් නමැත්තාගේ බිරිඳගේ සමීප ඥාතියෙකු වන මෙම කට් බන්දු යන අය ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරාගේ මරණයටද සම්බන්ධ බව හෙළිව තිබේ. මෙම ඝාතනය සඳහා කංජිපානි ඉම්රාන් සහ ඩුබායි ධනුෂ්ක යන අය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිසා ඔවුන්ද ඩෑන් සමඟ අමනාපයෙන් පසු වූ බවත් මෙම ඝාතනයට ඔවුන්ගේ සහය ද ලැබුණු බවත් කට් බන්දු නමැත්තා කියා ඇත.

සැකකරු මෙම ඝාතනය සිදු කර ඇත්තේ කංජිපානි ඉම්රාන් ලබා දුන් පිස්තෝලයකින් බවද පැවසේ. ඝාතන සහයක ලෙස ඉම්රාන්ගේ ගෝලයෙකු ද පැමිණ ඇති අතර ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

කට් බන්දු නමැති අයගේ එක් පාදයක අඟලක පමණ ප්‍රමාණයක් කොට වීම නිසා ඔහු කොර ගසන බවත් ඩෑන් ඝාතන සීසීටීවී දර්ශනවල ඔහු ඉතා පැහැදිලිව දක්නට ලැබෙන බවත් පැවසේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top