/ Jan 09, 2026

2026 නව පාසල් වාරය ඇරඹේ – නව විෂය මාලා ආරම්භය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්!

අද (05) සිට 2026 නව පාසල් වාරය ආරම්භ වූ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට යටත්ව පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා හෙට (06) සිට ආරම්භ වන නව අධ්‍යනය වර්ෂය තුළ ජනවාරි 29වනදාත් 6 වන ශ්‍රේණියේ දරුවන්ට ජනවාරි 21වනදාත් නව විෂය මාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

එම ප්‍රතිසංස්කරණ විෂය මාලා වෙනසක් පමණක් නොව අධ්‍යාපන ක්‍රමයේම වෙනසක් සිදුවන අතර ගවේෂණාත්මක අධ්‍යාපන ප්‍රවේශයකට දරුවන් යොමු කරන බවයි අගමැතිවරිය පවසන්නේ.

දෙමාපියන් සඳහා ද එම හඳුන්වා දීම සිදු කිරීමට නව වැඩසටහන් සංවිධානය කර තිබේ.

විෂයන් තේරීමට හුරු කිරීම ආදී වූ සියල්ල නව ප්‍රතිසංස්කරණ තුළ අඩංගුව පවතියි.

මෙම විෂය මාලාව ක්‍රියාත්මක කරන ගුරුවරුන් සඳහා ද පුහුණුව ලබා දී ඇති අතර මේ වන විට පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් 7,181ක් සිදු කර ගුරුවරු 132,580ක ප්‍රමාණයට පුහුණුව ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි.

ඒ අනුව මෙම නව මොඩියුල සමග එම විෂයන් උගන්වන ගුරුවරුන්ගෙන් 93%කට මේ වන විට පුහුණුව ලබා දී අවසන් කර ඇත.

එමෙන්ම ඊට සමගාමීව මෙම නව ප්‍රතිසංසකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැපයීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි.

වෘත්තීය අධ්‍යාපන ප්‍රවේශයද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අඩංගු අතර එය විෂය මාලා අධ්‍යාපනය දුර්වලකමක් දක්වන දරුවන් සඳහා වන යොමුකිරීමක් නොවන අතර එය රැකියා වෙළෙඳපොළ සමඟ සමගාමීව යන අධ්‍යාපන ප්‍රවේශයක් වන අතර එමඟින් පාසල් අධ්‍යාපනයෙන් පසු සෘජුවම රැකියාවකට යොමු වීමේ අවස්ථාව උදා කර ඇති බවද ඇය කියා සිටියි.

එමෙන්ම පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපන ප්‍රවේශයද පවතින අතර අවශ්‍ය නම් රැකියාවකට ගොස් පසුව උසස් අධ්‍යාපනය සඳහා යොමු වීමේ අවස්ථාවද උදාකර දී තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top