/ Apr 10, 2026

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරදියි!

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

එහිදී අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49කි.

විපක්ෂයේ මන්ත්‍රීවරු බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය භාරදී තිබුණේ රාජ්‍ය මූල්‍ය පාඩුව, ජාතික බලශක්ති ආරක්ෂාව අනතුරේ හෙළීම, දූෂිත ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය හැසිරවීම, ‘දූෂණය වරද’ සඳහා ක්‍රියාකාරී අධිකරණ ක්‍රියාමාර්ගයන්ට ලක්වීම සහ රජයේ ‘දූෂණ විරෝධී ජනවරම’ පාවාදීම තුළින් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ විශ්වාසය ආපසු හැරවිය නොහැකි ලෙස අහිමිකරගෙන ඇති බව හා ඔහු දිගින්දිගටම බලශක්ති අමාත්‍ය ධුරයේ රැඳී සිටීම මහජන යහපතට, නීතියේ ආධිපත්‍යයට සහ යහපාලන මූලධර්මවලට පටහැනි බව සඳහන් කරමිනි.

ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාව අද (10) දවස පුරා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top