/ Nov 13, 2025

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ!

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අද පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ දෙවැනි සහ තුන්වැනි එක්දින තරග නොවැම්බර් 13 සහ 15 යන දිනවල එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර තරඟ තුනම ආරම්භ වන්නේ එරට වේලාවෙන් පස්වරු 2.30ට වන අතර කාසියේ වාසිය දේශීය වේලාවෙන් පස්වරු 2 ට සිදු වේ.

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරඟ තුනෙන් පසුව පාකිස්තානය නොවැම්බර් 17 සිට 29 දක්වා රාවල්පින්ඩි සහ ලාහෝර් හිදී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් විස්සයි 20 තරඟාවලියකට සහභාගී වනු ඇත.

මේ දක්වා පාකිස්තානය සහ ශ්‍රී ලංකාව එක්දින තරග 157 කදී මුහුණට මුහුණ හමුවී ඇති අතර ඉන් තරග 93 ක් පාකිස්තානය ජයගෙන ඇති අතර තරග 59 ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. එක් තරගයක් සම තත්ත්වයෙන් අවසන් වූ අතර තරග 4 ක් ප්‍රතිඵලයකින් තොරව අවසන් වී ඇත. පාකිස්තාන භූමියේදී, කණ්ඩායම් දෙක එක්දින තරග 30 ක් ක්‍රීඩා කර ඇති අතර, පාකිස්තානය 18-12 ක් ලෙස ඉදිරියෙන් පසුවෙයි.

2019දී පාකිස්තානයේදී අවසන් වරට ශ්‍රී ලංකාව සමග පැවති තරගාවලියේදී පාකිස්තානය 2-0 ක් ලෙස එය ජයග්‍රහණය කිරීමට හැකිව තිබුණි.

මේ අතර අද දෙරට අතර තරඟයට සියලු කටයුතු සූදානම්පවතින පසුබිමක හඳුනා නොගත් ප්‍රහාරකයන් පිරිසක් පාකිස්තානයේ ජාතික ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂාගේ නිවෙසට ඊයේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව එරට පොලීසිය නිවේදනය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top