/ Jan 09, 2026

වැලේ වැල් නැතුව හිටපු විපක්ෂය දැන් අගමැතිවරියගේ එල්ලිලා. අපි ඇයව රකිනවා – මහින්ද ජයසිංහ

වැලේ වල නැතුව සිටින විපක්ෂය 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය පදනම් කරගෙන අගමැතිවරියට විශ්වාසභංග යෝජනාවක් ගෙන එමින් ඇයව ඉවත් කරගැනීමට උත්සහ දැරුවද අගමැතිතුමිය වෙනුවෙන් පෙනී සිට ඇයව ආරක්ෂා කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම ඇය වෙනුවෙන් පෙනී සිතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

කාන්තාවක් වීම හේතුවෙන් විවිධ අවලාද අපහාස ඇයට එරෙහිව සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේවෙතත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අවශ්‍ය වන බවත් එක් මොඩියුලයක සිදු වූ අත් වැරද්දක් හේතුවෙන් සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනම විවේචනය කරන්නේ නම් එය සාධාරණ නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

අදාළ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ශවයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වෙන අතර ජාතික අධ්‍යාපන ආයතනය විසින්ද විමර්ශනයක් පැවැත්වෙන බව ද අමාත්‍යවරයා තවදුරටත් පවසයි.

එම විමර්ශන සිදුවන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද පරීක්ෂණයක් පැවැත්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top