වත්මන් රජයට වරමක් ලැබුණේ පැවැති රජයේ ඖෂධ වංචාව ඉදිරියට ගෙන යමට නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මීට වසර කිහිපයකට පෙර මෙරට අන්ත දූෂිත අන්ත වංචනික බාල බෙහෙත් ජාවාරමක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ ඒ ගැන හෙළිදරව් කළේ සහ එවක සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග ගෙන ආවේ සමගි ජන බලවේගය බවත් එදා සිදු වූ බාල බෙහෙත් වංචා නව රජය සමඟ නතර වේ යැයි සිතුවත් වත්මන් රජය යටතේ ද බාල බෙහෙත් මාෆියාව ක්‍රියාත්මක වී ඇතැයි විපක්ෂ නායකයා සඳහන් කළේය.
එම බල ඖෂධ හේතුවෙන් පසුගිය දින කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බවයි ඔහු කියා සිටියේ.
විපක්ෂ නායකයා මෙම අදහස් දක්වා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය මූලික රෝහලට රු. ලක්ෂ 46.5ක් වටිනා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
එදා සමගි ජන බලවේගය බාල බෙහෙත්වලට කෑ ගහන විට වත්මන් රජයේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා ඊට සහයෝගය ලබා දුන් බවත් එදා හොර බෙහෙත් ජාවාරම නතරකරනවා යැයි කියා සටන් පාඨ කියූ වත්මන් රජයේ මැති ඇමතිවරු අද රිසිසේ බාල බෙහෙත් බාල එන්නත් ජනතාවට බෙදා දීමට කටයුතු කරන බවටත් හෙතෙම චෝදනා කරයි.
කෙසේවෙතත් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරින් සියලු දෙනා බාල බෙහෙත් මාෆියාව විනාශ කිරීමට කටයුතු කළ යුතු බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.
ඖෂධවල තත්ත්වය පරීක්ෂා කරගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යනතර ආයතන හරහා බෙහෙත්වල ප්‍රමිතිය සොයා බැලිය යුතු අතර රට තුළද නිසි ප්‍රමිතියෙන් යුතු පර්යේෂණ මධ්‍යස්ථානයක් ඇති කළ යුතු බවද විපක්ෂ නායකයා පැවසීය.





