වැල්ලවාය ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්දි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අදාළ පුද්ගලයා විදුලිබල සේවකයින් පැමිණ අවස්ථාවේ දී ඔවුන්ට කැත්තක් රැගෙන පහර දීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ඔහු තමන් ඇද සිටි කලිසම ගලවා ඔහුගේ පිටුපස ප්‍රදේශය එම නිලධාරීන්ට පෙන්වමින් පෙන්වා අශෝභන ලෙස හැසිරී ඇති බව ද සඳහන්.
අදාළ සිදුවීමට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජමාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නිලධාරීන් වැල්ලවාය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.