සැලසුම් කළ පරිදි සිරි දළදා වන්දනා වැඩසටහන හෙට (27) දිනයෙන් අවසන් කෙරෙන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග ප්‍රදීප් දෑල බණ්ඩාර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
සැලසුම් කළ ප්‍රමාණයටත් වඩා පිරිසකට දළදා වන්දනය සිදු කර ගැනීමට හැකි වූ බවත්, මහනුවර ප්‍රදේශයම පුදුමාකර ලෙස ජනාකීර්ණව ඇති බැවින් සනීපාරක්ෂක පහසුකම්වල සහ ඉඩකඩවල අඩුවක් පවතින බවත් දියවඩන නිලමේවරයා එහිදී කියා සිටියේ ය.
මහජනතාවගේ පහසුව තකා මෙම වන්දනාවාරය කලින් නියම කරගත් පරිදිම අප්‍රේල් 27 දක්වා පමණක් පැවැත්වීමට තීරණය කළ බවද ඔහු පැවසීය.
දළදා වන්දනා වැඩසටහන පසුගිය 18 දා ආරම්භ වූයේ දින 10ක කාලයකටයි.