/ Jun 23, 2025

දළදා වහන්සේගේ ඡායාරූපයක් ගැන පොලිසියේ ඇස් ඇරෙයි

https://lankatimes.lk/the-pilgrimage-to-the-sacred-tooth-relic-ends/

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද්දක් බවට නිරූපණය වන ඡායාරූපයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් හට තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාරී තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.

එවන් පසුබිමක් මත සංසරණය වන මෙම ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේ දී ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් ද, එසේ නැතහොත් මෙය සංස්කරණය කරන ලද්දක් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top