අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අධිකරණ ශාලාවකදී ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව සොයා පොලිසිය කොතෙක් උත්සාහ කළත් මේ දක්වා ඇයව සොයාගැනීමට නොහැකිව තිබේ.
මෙම කාන්තාව සොයමින් ස්ථාන 200ක් පමණ පීරුවත් ඇයව සොයා ගැනීමට හැකියාව ලැබී නැති බවයි, වාර්තා වන්නේ. අපරාධය සිදු වූ වහාම ඇය ජංගම දුරකතන භාවිතය අත්හැර දමා ඇති බැවින් දුරකතන කුළුණු ආශ්‍රිත විමර්ශන අසාර්ථක වී ඇති බව සැලයි.
කෙසේ වෙතත් මේ වන විට ඇය මෙරටින් දකුණු ඉන්දියාවට පළා ගොස් ඇතැයි සැක පහළ වී තිබේ.





