සිරි දළදා වන්දනාව වැඩසටහන අතරතුර මතුව ඇති තත්වය පිරික්සීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක ඊයේ (24) සවස මහනුවර ගොස් තිබේ.
ජනපතිවරයා ජනතාව අතරට ගොස් තත්වය සම්බන්ධයෙන් සොයා බැලුවේ ය. ජනතාව ඔහු සාදරයෙන් පිළිගෙන කතාබහ කරන අයුරු දැකගත හැකි විය. කෙසේ වෙතත් දරාගත නොහැකි තරම් පිරිසක් මේ වන විට නුවරට එක්රැස්ව ඇති බැවින් මහනුවර නගරය වෙත නොපැමිණෙන ලෙස ඊයේ දිනයේ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.