/ Jul 07, 2025

ජනපති කළ යෝජනාව නැවත ප්‍රතික්ෂේපයි: පරණ විදිහමයි විපක්ෂයෙන් චෝදනා!

Presidential Office

විගණකාධිපති තනතුරු සඳහා ජනපතිවරයා විසින් යෝජනා කර තිබූ ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන එච්.ටී.පී. චන්දනගේ නම දෙවැනි වතාවටත් ව්‍යවස්ථා සභාවේදී ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. 

එම යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 3ක් වන අතර විපක්ෂව ඡන්ද 5ක් ලැබී තිබේ. 

හිටපු විගණකාධිපතිවරයාගේ විශ්‍රාම යෑමෙන් පසුව දින 42ක් පුරා පුරප්පාඩුව පවතින ධුරය සඳහා මෙසේ ජනපතිවරයා යෝජනා කළ අය ඔහුගේ සරසවියේ කණිෂ්ඨ කණ්ඩායමේ අයෙක් බව ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී විපක්ෂය චෝදනා කළේ ය. එසේ ම ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් ද මාධ්‍ය සාකච්ඡා පවත්වා කියා සිටියේ සුදුසුකම් සහිත නිලධාරියා සිටියදී අත්දැකීම් අඩු වෙනත් ක්ෂේත්‍රයක අයෙකු පත් කිරීමට ජනපතිවරයා දරණ උත්සාහය නිවැරදි නොවන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top