ඖෂධ වර්ග රැසකටම පාලන මිලක් නියම කර ඇති අතර නුදුරේදීම ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (18) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.
එම ගැසට් නිවේදනය දැනට ලියාපදිංචි වී ඇති සහ ඉදිරියේදී ලියාපදිංචිය සිදු වන්නාවූ ඖෂධ සඳහාද ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව සියලුම ඖෂධ පාහේ මිල අඩු කිරීමකට ලක්වනු ඇති.
“අපි ඉදිරිපත් කළ අලුත් ගැසට් නිවේදනය අනුව මෙතැන් සිට ලියාපදිංචි කරන ලද සියලුම ඖෂධවල මිල අඩු වෙනවා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කරන්න ගත්තට පස්සේ ලියාපදිංචි කරන ලද ඖෂධ සම්බන්ධයෙන් තමයි ඔය ඉලක්කම නිකුත් කරලා තියෙන්නේ. ඒ අනුව ලියාපදිංචිය සිදුවන කාලසීමාවට තව වැඩි කාලයක් ගත වෙන්නෙ නෑ. තව මාස කිහිපයක් ගත වන විට ලංකාවේ භාවිතා කරන සියලුම ඖෂධ පාහේ ලියාපදිංචි කිරීමේදී මෙම මිල සූත්‍රයට අනුව තමයි ලියාපදිංචිය සිදු වන්නේ. ගැසට් නිවේදනය නිකුත් කරලා ඉදිරියේදී ඒ මිල ගණන් පිළිබදව ජනතාවට දැනුම් දෙන්නත් ඒ අනුව කටයුතු නොකරන අයට නීතිය ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වෙනවා” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





