/ Jan 09, 2026

මොඩියුලයේ ප්‍රශ්නය කියන්න අගමැතිනිය අස්ගිරියට යයි!

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධව මතු වූ ගැටලුව පිළිබඳ දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (08) අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥාණරතන මහා නාහිමියන් මුණ ගැසුණි.

ඉදිරියේදී පෙළ පොත් මුද්‍රණයේ වගකීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලබා අතර ගැටළු මතුවූ මොඩියුල කිසිදු දරුවෙකුට ලබා දීමට කටයුතු කර නැති බවයි අගමැතිවරිය පවසා තිබුණේ.

එමෙන්ම එම මොඩියුලයේ මුද්‍රණ පිටපත් සියල්ල මුද්‍රා තබා පරීක්ෂණ පවත්වන බවද ඇය පැහැදිලි කර ඇත.

එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ද එක් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top