/ Jun 18, 2025

දුරකතනය නාද වීම නිසා හිරේ යැවූ අයගේ මරණය මිනීමැරුමක්?

අධිකරණය තුළදී දුරකතනය නාද වීම නිසා සති දෙකකට බන්ධනාගාරගත කරනු ලැබූ ඇඹිලිපිටිය පදිංචිව සිටි 46 හැවිරිදි ජේ.ඒ. අසංක ඉඳුනිල් යන අයගේ මරණය මිනීමැරුමක් බවට සැක පළ වී තිබේ.

මෙම පුද්ගලයා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී රැඳවියන් හෝ යම් වෙනත් කිසිවෙකු පහර දී ඇති බවටයි සැක පළ වන්නේ. පසුව ඔහු බන්ධනාගාර රෝහල් වාට්ටුවකට ඇතුළත් කර ඇති අතර එහි දී වැටී සිටියදී රෝහල් ගත කර තිබේ. තත්වය අසාධ්‍යවීම හේතුවෙන් ඔහු හම්බන්තොට මහරෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇත්තේ මොට ආයුදයකින් හිසට පහරදීමෙන් මෙම අයගේ මරණය සිදුව ඇති බවයි.

බන්ධනාගාර ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවයි. එසේ ම අගුණකොළපැලැස්ස පොලිසිය ද විමර්ශනයක් අරඹා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top