/ Dec 06, 2025

දියණියගේ පෙම්වතා කපා කොටා මරලා : 10ක් පෝරකයට ගිය හේතුව හෙළි වේ!

Couple sentenced to death for torturing and killing adopted child

සිය දියණිය සමග පැවැති ප්‍රේම සබඳතාව නවත්වන ලෙසට කළ අවවාද නොතැකූ තරුණයෙකු සිය පවුලේ සාමාජිකයන් හා එක්ව පහරදී කපා කොටා ඝාතනය කළ පියෙකු, කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 10 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමට ඇඹිලිපිටිය මහාධිකරණය ඊයේ (24) තීන්දු කළේ ය.

මෙම සිදුවීම 2011 වසරේ සිදුවී තිබේ. 12 දෙනෙකුට එරෙහිව අධිචෝදනා නගා තිබුණත් දෙදෙනෙකුට විරුද්ධව චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර නැති බැවින් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළේ ය.

පෙම්වතිය බැලීමට මරණකරු 2011.10.10 දින පස්වරුවේ ඇගේ නිවසට ගිය අවස්ථාවේ පළමු විත්තිකරු වන පියා විසින් ඔහු ග්‍රහණයට ගෙන තිබේ. ඒ අතරතුර පියා සමග එක්ව අනෙකු විත්තිකරුවන් 9 දෙනාද මරණකරුට තියුණු ආයුධවලින් සහ අතින් පයින් පහරදී තිබේ.

2 thoughts on “දියණියගේ පෙම්වතා කපා කොටා මරලා : 10ක් පෝරකයට ගිය හේතුව හෙළි වේ!”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top