/ Jan 23, 2026

මන්ත්‍රී ඝාතනයේ සුලමුල හෙළි වේ

මීගොඩ ගැහැනුවල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වූ ශාන්ත මුදුන්කොටුව ඊයේ (12 ) වෙඩි තබා ඝාතනය කර ඇත්තේ එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ලලිත් කන්නන්ගරගේ පාතාල කල්ලිය විසින් බවට පොලිසිය සැකකරයි.

පාතාල කල්ලි නායක ලලිත් කන්නංගර සහ හඳයා අතර පවතින ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ප්‍රහාරය සඳහා යොදාගත් පිස්තෝලය මහමග දමාගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර මෙම ඝාතනය සඳහා කුලී ඝාතකයන් පැමිණි මෝටර් රථය පැදවූ රියැදුරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෝටර් රථයකින් ලුහුබැඳ පැමිණි කුලී ඝාතකයන් මුදුන්කොටුවගේ පපුව ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇත. එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඔහුගේ මස්සිනා වන ගගන නමැත්තා මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයකු වන අතර ඔහු මේ වනවිට විදෙස්ගතව සැඟවී සිටින බව පොලිසිය පවසයි.

හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා‌ගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top