/ Sep 01, 2025

සෙවණගල උක්දඬු ගිනි ඇවිළේ : හඳුන්ට වැඩ බැරි ද?

පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් ලෙස ක්‍රියාත්මක සීමාසහිත ලංකා සීනි සමාගමට අයත් දෙවන විශාලතම සීනි කර්මාන්ත ශාලාව වන සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ මේ වන විට අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇතැයි වාර්තා වේ.

වාර්ෂික උක් දඬු මෙට්‍රිිික් ටොන් 250,000ක් පමණ අඹරනු ලැබූ සෙවණගල සීනි කම්හලේ කැපුම් යන්ත්‍ර දෙකම මේ වන විට අක්‍රීය වී ඇති බව සැල වේ. සීනි මෙට්‍රිික් ටොන් 15,000කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන අතර ඉන් නිෂ්පාදනය කෙරෙන එතනෝල් ප්‍රමාණය ලීටර් ලක්ෂ 50කට ආසන්නව නිපදවූ මෙම කම්හල අර්බුදයට යාම පොදුවේ ජාතික වශයෙන් සහ අවට යැපුම් කර්මාන්තයක් ලෙස ගෙන ජීවත් වූ ජනතාව අසරණ කර තිබේ.

දේශිය දුඹුරු සීනි සඳහා පවත්නා ඉල්ලුම දිනෙන් දින පහළ බැසීම හේතුවෙන් සෙවණගල කර්මාන්ත ශාලාවේ ගබඩා තුළ අලෙවි කරගැනීමට නොහැකිවූ සීනි මෙට්‍රික් ටොන් 2,000ක් පමණ ගොඩගැසී ඇතැයි වාර්තා වේ. එසේම වත්මන් පරිපාලනයේ දුර්වල කළමණාකරණය නිසාම මෙතෙක් දෛනිකව අඹරනු ලැබූ උක්දඬු ප්‍රමාණය වූ මෙට්‍ර්ක් ටොන් 1,300ක ප්‍රමාණය මෙට්‍ර්ක් ටොන් 850 පමණ දක්වා පහළ ගොස් ඇත.

ඒ අතර නිෂ්පාදන කටයුතු ඇණ හිටීම හේතුවෙන් ගොවීන්ගෙන් උක් අස්වැන්න භාර ගැනීමද සීමා කර තිබෙන බැව් පැවසේ. කර්මාන්තශාලාව උක් දඬු ලබාගැනීම සීමා කිරීමත් සමඟ සිය උක් අස්වනු ගොවි බිම් තුළම ගිනිගෙන විනාශ වෙමින් පවතින බවත්, එලෙස ගින්නෙන් පිළිස්සෙන උක් දඬු භාරගැනීමද මේ වනවිට සෙවනගල සීනි කර්මාන්තශාලා පරිපාලනය නවතා දමා ඇති බවටත් ගොවින් චෝදනා කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top