/ Mar 15, 2025

අලුත්කඩේ වෙඩික්කරු ගිනි අවිය ගෙනාවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඟවාගෙන

අද (19) උදෑසන කොළඹ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අපරාධ නඩු විධාන සංග්‍රහයේ පොතක සඟවාගෙන ගිනි අවිය අවිය අධිකරණයට සංකීර්ණයට ගෙනවිත් ඇතැයි හෙළි වී ඇත.

පාතාල නායක ගණේමුල්ල සංජීව ඝාතනයට ලක්වූ වෙඩි තැබීම සිදුකිරීමට අවශ්‍ය ආයුධය රැගෙන ඒමට හැකිවන පරිදි සැකකරු නීතිඥයකු ලෙස වෙස්වලාගෙන ගිනි අවිය සැඟවූ පොතද රැගෙන අධිකරණය තුළට ගමන් කරන අයුරු සීසීටීවී දර්ශනවල සඳහන් වේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) දී ඇතැයි සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top