/ Jan 24, 2026

රජයෙන් පඩි අරන් පද්මේට වැඩ කළ එස්.අයි අල්ලයි!

පසුගිය දා අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් ප්‍රකාශ කළේය.

උප පොලිස් පොලිස් පරීක්ෂකවරයා ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කරන අයෙකු බව වාර්තා වෙන අතර, මේ දිනවල රඳවාගෙන ප්‍රශ්න කරන පද්මේ ඇතුළු සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇතැයි පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top