දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12.5 බද්දේගොඩ ප්‍රදේශයේ ගැලණිගම සහ කහතුඩුව අතර පැති බැම්ම ඉරිතලා ගොස් තිබීම හේතුවෙන් එම කොටස නායයාමේ අවදානමකට ලක්ව තිබේ.
මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දැමීමටද සිදුව ඇති අතර එලෙස ඉරි තලා ඇත්තේ කොළඹ දෙසට දිවෙන මං තීරුවේය.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ වම් මං තීරුවේ මීටර් 300 ක ප්‍රමාණයක් මෙලෙස ආරක්ෂිත විධිවිධාන ක්‍රම උපයෝගී කර ගනිමින් තාවකාලිකව වසා දැමීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
මේ වනවිට පැති බැම්මේ ඉරි තැලීම සිදුවූ කොටස ඉටි කොළවලින් ආවරණය කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් සහ තාක්ෂණ නිලධාරීන් ඒ අවට සහ අධිවේගී මාර්ගයේ සියලුම පැති බැමි අධීක්ෂණය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.





