/ Dec 06, 2025

කඩුගන්නාවේ තත්ත්වය බරපතලයි. කරන්න හදන දේ මෙන්න!

කඩුගන්නාව නායේ යෑමට ලක්වූ ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් අනතුරුදායක තත්ත්වය පවතින හෙයින් එම ප්‍රදේශයේ අනතුරු දායක සහිත ගල් ක්‍රමානුකූලව පුපුරුව හැර ඉවත් කිරීමට සිදුවන බව අද (24) පාර්ලිමේන්තුවේදී අමත්‍ය බි,අල රත්නායක මහතා පැවසුවේය.

එම අනතුරු හේතුවෙන් මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙන කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඉදිරි දින දෙක තුළ එක් මංතීරුවක් විවෘත කර ගමනාගමන පහසුකම් සැලසීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේවෙතත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත එම කටයුතු කරන අතර සියලුම වාර්තා සමඟින් ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කර විසඳුම් දෙන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

”කඩුගන්නාවේ ප්‍රශ්නය ඛේදවාචකයක්. මම අද RDA ඩිරෙක්ටර් ජනරාල්ටත් එන්න එපා කිව්වා. එයත් කඩුගන්නාවේ ඉන්නේ. අපි කල්පනා කරමින් හිටියා ගරු කථානායකතුමනි ඊයේ තත්ත්වය අනුව අද උදේ MBRO එකේ උපදෙස් අනුව වැටිච්ච ගලත් ඒ ආශ්‍රිතව තිබෙන වැටීමට ඉඩ තිබෙන ගලුත් ක්‍රමානුකූලව ස්ලෝ බ්ලාස්ට් කරලා ක්‍රමානුකූලව ඒවා අයින් කරලා අඩු ගානේ දවස් දෙක තුනකින් පාරේ එක ලේන් එකක් විවෘත කරන්න. නමුත් අද උදේ RDA එකේ DG කිව්වා MBRO එක උපදෙස් දුන්නා කියල දැන් මේ වහින වෙලාවේ, තෙතමනය සහිත වෙලාවේ බ්ලාස්ට් කළොත් තව මේක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ උපදෙස් තමයි දැනට පාරේ උඩ 98 වෙනි කිලෝමීටරේ හරිය පාර බැහැල තියෙනවා. ප්‍රසන්න ඇමතිතුමා බැලුවා. අපේ ඩොක්ටර් ධම්මික ඇමතිතුමා ගොඩක් මහන්සි වුණා ඒකට කෑගල්ලේ දිස්ත්‍රික්කයේ ඇමතිවරයා වශයෙන්. අපි බලාපොරොත්තු වෙනවා පාරේ ගිලා බැහැපු තැන් තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරලා MBRO එකේ උපදෙස් මත හෙට හෝ අනිද්දා උපරිම වශයෙන් නුවර පාරේ එක ලේන් එකක් අරින්න.”

කෙසේවෙතත් කඩුගන්නාවේ තත්ත්වය බරපතල බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top