/ May 30, 2025

ජනාධිපති අරමුදලෙන් මාලනීට සල්ලි දුන්න කතාව යළි කරළියට ; ඇමති නලින්ද අසරණ කළ ප්‍රශ්නය

ප්‍රවීන රංගන ශිල්පී මාලනී ෆොන්සේකාට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණි.

ඒ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහි දී මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙලෙස පිළිතුරු ලබා දී තිබුණි.

“මම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අරමුදලින් ලබා ගත් අරමුදල් සම්බන්ධව තොරතුරු. එතන මිලියන 1,220ක් සම්බන්ධයෙන් ඒ තොරතුරු. එතන කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න, දිමු ජයරත්න, දයාසිරි ජයසේකර, ඇතුළු මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ලබා ගත් අරමුදල් සම්බන්ධව තමයි මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය – ගොඩක් අධ්‍යක්ෂවරු පවා දුක හිතිලා හිටියේ සිද්ධිය සම්බන්ධයෙන්. නමුත් ඔබතුමා තාමත් සමාව ගන්නවත්, කණගාටුව පළ කරන්නවත් මැලිවෙනවා ?

“මම හිතන්නේ මේක විකෘති කරලා පසුගිය දවස් කීපයේ තමයි මේක වාර්තා කරලා තිබුණේ. අපි ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත අය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක ඉතින් තව කලාකරුවන්ට ලබා දීලා තියෙනවා, ලබා දෙන්න පුළුවන්. කලාකරුවන්ට ලබා දුන් වාර්තාවක් අපි ඉදිරිපත් කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නෑ. මාලනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් අපිට නිසි ගෞරවය තියෙනවා. සිනමාවට කරන ලද ඉතා ඉහළ කැප කිරීම සම්බන්ධව රටක් විදිහට අපේ ඇගයීමක් තියෙනවා…..”

1 thought on “ජනාධිපති අරමුදලෙන් මාලනීට සල්ලි දුන්න කතාව යළි කරළියට ; ඇමති නලින්ද අසරණ කළ ප්‍රශ්නය”

  1. දි මු ජයරත්න මන්ත්‍රි පමනක් නොව එම අවස්තාවේ රටේ එකම අගමැතිවරයාය. ලංකාවතුල කලහැකි සියලු ප්‍රතිකාර කිරිමෙන් පසුව දින කිපයකට
    වඩා ජිවත් කරවිමට නොහැකි අවස්තාවට පත්වි තිබුනි. ඒ අවස්තාවේ ඇමරිකාවේ රොහලක ඒසදහා ප්‍රතිකාර ඇතිබව ඔහුගේ පවුලේ අය සොයාගෙන තිබනත් අවශ්‍ය මුදල් සොයාගැනිමට නොහැකිව අපහසුවට පත්වි සිටියා. ඔහු බැලිමට රොහලට ගිය අවස්තාවේ කිවේ වෙදනාව තවදුරටත් දරාගත නොහැකි බවත් දිවිනසා ගැනිමට පවා සිතෙන බවත්ය. මම ක්නිකවම මෙම තත්වය ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමා දැනුවත් කලෙමි. ඔහු දැනුවත් කරිමට ප්‍රමාදවිම ගැන දොස් ලවරා , රටේ අගමැතිවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැකනිමට මුදල් නොමැතිව මියයාමට ඉඩදිම රටට නින්දාවක් සහ පරපතල අපරාධයක් බවත් වහාම අමරකාවට ගෙන යාමට කටයුතුකරන ලෙස උපදෙස් දුනි. මාගේ මතකයේ හැටියට වෛද්‍ර්‍යමතය වුයේ ambulance plane එකක මිස සාමාන්‍ය මගිගුවන් යානයක ගෙනයා නොකි බවය. කේසේනමුත් පිරිවැය ගැන දැනුවත්විමෙන් පසුව පවුලේ අය ඉදිරිපත්වි මගි ගුවන් යානයකින් ගෙන ගිය බව මතකය්. එම සැත්කමෙන් පසු 2015 දක්වා අගමැති ධරය දැරැවා . දින කිපයකින් මියයාමට සිටි ඔහු තවත් වසර කිපයක් ජිවත්වුනා. වෙනත් රටක නම් තම අගමැතිවරයා ගේ ජිවිතය බේරා ගැනිමට මිට වඩා කැපකරන බව දනිමි. රටක අගමැතිවරයාගේ ජිවිතය බේරාගැනිමට කල අවම වියදම ගැන උපහාසෙන් කතාකරිම ගැන රටක් වශයෙන් ලජ්ජාවට
    පත්විය යුතුය්. මියගිය අයට අපහාසකිරිම තවත් නින්දිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top