/ Feb 07, 2026

T20 ලෝක කුසලානය අද ඇරඹේ!

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (07) ආරම්භ වෙයි.

තරගාවලිය ආරම්භ කරමින් අද තරග 3ක් පැවැත්වෙන අතර ඉන් පළමු තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. දිවා තරගයක් වන එය පෙ.ව. 11ට ආරම්භවීමට නියමිතයි.

අනෙක් තරග දෙක ඉන්දියාවේදී පැවැත්වෙන අතර, එහිදී බටහිර ඉන්දීය කොදෙව්වන් ස්කොට්ලන්තයට එරෙහිව කොල්කටාහිදීද, සත්කාරක ඉන්දියාව අමෙරිකාවට එරෙහිව මුම්බායිහිදීද තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩාකරන අතර එම තරගය හෙට (8) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

කණ්ඩායම් 20ක සහභාගීත්වයෙන් මෙවරද පැවැත්වෙන මෙම තරගාවලියේ ‘B’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරගවදින අතර, එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය, ඕමානය සහ සිම්බාබ්වේ ඇතුළත්ව සිටියි.

ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත් හා ආකර්ෂණීයම තරග රටාව ලෙසින් පිළිගැනන විස්සයි20 ආකෘතියෙන් ලෝක කුසලානයක් පැවැත්වෙන 10වන අදියර මෙය වන අතර ඉන් ශ්‍රී ලංකාව මීට පෙර 2012 වසරේ දීද, ඉන්දියාව 2016 වසරේ දීද වෙන් වෙන් වශයෙන් සත්කාරකත්වය ලබා දී තිබුණි.

තරගාවලියේ වැඩි තරග සංඛ්‍යාවක් ඉන්දියාවේ පැවැත්වෙන අතර එම තරග චෙන්නායි, කොල්කටා, දිල්ලි, අහමදාබාද් හා මුම්බායි නගරවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ තරග කොළඹ හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණ 3කදී පැවැත්වෙයි.

අවසන් මහා තරගය ඇතුළුව සමස්ත තරගාවලිය තරග 55කින් සමන්විත අතර ඉන් තරග 20ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

කෙසේ නමුත් අවසන් පූර්ව වටයට හා අවසන් මහා තරගයට පාකිස්තානය සුදුසුකම් ලබාගත හොත් එම තරග සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ යනු ඇති.

කණ්ඩායම් 20ක සහභාගීත්වයෙන් මෙවරද පැවැත්වෙන මෙම තරගාවලියේ ‘B’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරගවදින අතර, එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය, ඕමානය සහ සිම්බාබ්වේ ඇතුළත්ව සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top