කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වූ දුම්රියේ ගැටී වන අලියෙකු මිය ගොස් තිබේ.
අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල සුදුනෙළුම් ගම ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ වන වන අලියෙකු බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
දුම්රියේ ගැටුණු වන අලියා අසාධ්‍ය තත්ත්වයෙන් මහා මාර්ගය හරහා ගමන් කර නිවසක් අසල ඇදවැටී මියගොස් සිටි බව ප්‍රදේශවාසියෙකු පැවසීය.