/ Apr 20, 2025

මින්නේරියේ යුනිකෝන් ඇතාට අත් වූ අවාසනාවන්ත ඉරණම

මින්නේරිය ජාතික වනෝද්‍යානය සිටි යුනිකෝන් නැමැති හස්තියා වෙඩි වැදීමකට ලක්ව මියගොස් තිබේ.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි ඊයේ(17) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ බව පැවසීය.

වෙඩිවැදී මියගොස් සිටි හස්තියාගේ සිරුර වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව සඳහන්.

අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය 15 වැනිදා කිසියම් පිරිසක් විසින් යුනිකෝන් නැමැති හස්තියා වෙඩිතබන්නට ඇති බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරික්ෂණයක් සිදුකරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top