/ Jan 10, 2026

සීමා නොමැතිව දොර අරුණු UK වෙළෙදපොළ!

එක්සත් රාජධානිය වෙත අපනයනය කරන ඇඟළුම් සඳහා 100%ක තීරු බදු නිදහසක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට එක්සත් රාජධානිය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එම සහනය මෙරට අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයකට හේතු වනවා මෙන්ම සෙසු අපනයන කර්මාන්ත පවා දිරිමත් වීමට ලද උත්තේජනයක් ලෙස සැලකිය හැකිය.

සංවර්ධනය වන රටවල් සඳහා එක්සත් රාජධානියේ වෙළෙඳ ප්‍රතිපත්තියේ මෙම වෙනස මෙරට දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයටද හේතු වන්නකි.

ඒ අනුව මෙම ලද අවස්ථාව සම්බන්ධයෙන් නිදහස් වෙළඳ කලාප ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ඇඟළුම් අපනයනය ක්ෂේත්‍රය තවදුරටත් මේ හාහා වර්ධනය කර ගත හැකි බවයි.

”එක්සත් රාජධානියේ 2026 මුල සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහ වන වෙලද යෝජනා ක්‍රමය වෙනස් වෙලා තිබෙනවා. දැන් එරටට අපේ රටෙන් යවන බඩු සදහා සීමා ඉවත් කර ඇගලුම් ක්ෂේත්‍රය සදහා 100% බාධක ඉවත් කර තිබෙනවා. ඒ අනුව බදු රහිතව අපේ ඇගලුම් එක්සත් රාජධානියට යවන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම එක්සත් රාජධානිය විසින් හදපු රටවල් 18 කණ්ඩායමක් තිබෙනවා. ඒ රටවල්වල හදලත් එක්සත් රාජධාරියට යැව්වොත් ඒක අපේ රටේ භාණ්ඩයක් ලෙස සලකනවා. දැන් අපේ රටේ නිපදනව භාණ්ඩ 90% ක් පමණ මේ තීරු බදු රහිතව යවන්න පුලුවන්. මේ හරහා මේ රටට විශාල සහනයක් ලැබෙනවා. මානව හිමිකම් කම්කරු නීති කිසි දෙයක් නොබලා මේ ලබාදීපු නිදහස ඉතා බලපානවා. මේ හරහා එක්සත් රාජධානියට ස්තූතියිවන්ත වෙනවා. තීරු බදු රහිතව ඒ රටට බඩු ඒම නිසා එරට වෙළෙඳපොළ බඩු මිලත් අඩු වෙනවා. මේ වගේම විදෙස් ආයෝජන පුළුල් වෙනවා. මේක අපේ රටේ ආර්ථිකයට ඉතා වැදගත්. අපි එක්සත් රාජධානියට ස්තූතියිවන්ත වෙනවා. අපි අපේ රජයට ස්තූතියිවන්ත වෙනවා. එක්සත් රාජධානිය එක්ක එකතු වෙලා වැඩ කිරීම ගැන ස්තූතියිවන්ත වෙනවා. ඇගලුම් අපනයන වලින් 60% ක් පමණ එක්සත් රාජධානියට යනවා.දේශීය අනෙක් ව්‍යවසායකයන් උනන්දු වුනොත් අනෙක් අපනයන සදහාත් යොදා ගන්න පුලුවන්. මේක නිසා දළ දේශීය නිෂ්පාදනයට 5% ක් පමණ වැඩි කරගන්න ලැබේවි කියලා හිතනවා.”

ඒ අනුව ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් අපනයන සඳහා දෙවන විශාලම වෙළෙඳපොළ ඇත්තේ එක්සත් රාජධානිය සමග වන අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වෙයි.

2026 වසර ආරම්භයේ ලද මෙම ආර්ථික වාසිය සමඟ මෙරට වෙළෙඳ පොළද තවදුරටත් ප්‍රසාරණය වනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top