/ Jun 16, 2025

නිළි රැජිණ මාලනී ඉටු කළ අප්‍රකට සද්කාර්යය!

මෙරට නිළි රැජිණ විරුදාවලී ලත් අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා විසින් මෙරට වකුගඩු රෝගී ජනයා වෙනුවෙන් කළ මෙහෙය ගැන සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව විසින් සඳහන් කර තිබේ.

ආභවයට පත් මාලනී මෙම සංගමයේ අනුශාසකවරියක් ලෙස කටයුතු කරමින් බොහෝ කටයුතුවලට දායක වූ බවයි ඔහු පවසන්නේ.

වකුගඩු රෝගීන්ගේ සත්කාර සඳහා දෙස් විදෙස් අරමුදල් රැස් කරදීමට දායක වූ බවද වෛද්‍යවරයා කියා සිටියේ ය. එම සංගමය මගින් ප්‍රකාශයට පත් කළ පුවත්පත ප්‍රචලිත කිරීම සඳහා දැඩි අව් රශ්මියේ මාවත්වල ඇවිදිමින් ඉටු කළ මෙහෙය වෛද්‍යවරයා ප්‍රශංසා මුඛයෙන් සිහිපත් කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top