/ Jan 23, 2026

ඉදිරි දින කීපයේත් කාලගුණය අයහපත් : අවධානයෙන් සිටින්න!

ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹිලි සහිත තත්වයක් වර්ධනය වී ඇති බැවින් වර්ෂා සහිත කාලගුණය තවදුරත් දින කිහිපයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා මගින් පෙන්වා දේ.

මෙකී වායුගෝලීය තත්වය නිසා ගිගුරුම් සහ අකුණු ඇති කරන කැටි වළාකුළු සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වන බව එම වාර්තාව පවසයි.

අද (25) සිට (28) දක්වා විටින් විට සවස, රාත්‍රී හෝ අලුයම් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.  එම නිසා ඉදිරි දින කිහිපයේදී තද වැසි සහ තද සුළං හේතුවෙන් ඇති විය හැකි ආපදා ගැන අවධානයෙන් සිටිය යුතු වේ.

නොවැම්බර් 29 දා පටන් මෙම තත්වයේ අඩුවීමක් අපේක්ෂිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top