/ Jun 08, 2025

පුංචි ආණ්ඩු 161ක් අද සිට වැඩ අරඹයි

පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) දිනයේ සිට ආරම්භ වේ.

මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම අද දිනයේ දී සිදු වේ.

ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුවයි.

පළාත් පාලන ආයතන 161කට අදාළව බහුතර බලය දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් හිමිකරගෙන ඇති අතර, තවත් ආයතන 178කට අදාළව තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පූර්ණ ජයග්‍රහණයක් ලබාගෙන නැත.

මැතිවරණ ප්‍රතිඵල අනුව දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකර නොගත් අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇත.

ඒ අනුව, 50% නොමැති පළාත් පාලන අයතනවල සභාපති, උපසභාපති තෝරා පත් කර ගැනීම අද දිනයේ දී පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වීමෙන් පසුව තීරණය කෙරෙන බව සඳහන් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top