දිට්වා සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් රටට සිදුව තිබෙන හානිය ඩොලර් බිලියන 4.1 ක් බව ලෝක බැංකුව තක්සේරු කර තිබේ.
ඒ අනුව එම හානිය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% කට ආසන්න අතර සුළි කුණාටුවේ බලපෑමට වැඩියෙන්ම ගොදුරු වූ මධ්‍යම පළාතට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 689 ක් ලෙස ගණන් බලා තිබේ.
මාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ ජල සැපයුම් ජාල ඇතුළු යටිතල පහසුකම් සදහා සිදුව තිබෙන හානිය ඩොලර් බිලියන 1.735 ක් ලෙස ගණන් බලා තිබේ.
නේවාසික ගොඩනැගිලි සදහා සිදුව තිබෙන හානිය ඩොලර් මිලියන 985 ක් ලෙස දැක්වෙයි. ලෝක බැංකු තක්සේරුවට අනුව කෘෂිකර්මාන්තයට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 814 කි.
නේවාසික නොවන ගොඩනැගිලි ගණයට වැටෙන පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන ආදිය සදහා සිදුව ඇති හානිය ඩොලර් මිලියන 562 ක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි.
යටිතල පහසුකම් ඇතුළු එම ගොඩනැගීම දේශීය සහ විදේශිය සහය සහිතව මේ වන විටත් සිදුකරමින් පවතින අතර විපතට පත් ජනතාවට සහන සැලසීම ඇතුළු යළි ගොඩනැගීමේ කාර්ය වෙනුවෙන් රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්ද එම කටයුතු වෙනුවෙන් පසුගියදා සම්මත කරගැනුණි.





