විශ්විද්‍යාලය හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වදය හෝ වෙනත් සාහසික සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය වසර 5 පුරාවටම කිසිදු නඩු පැවරීමක් හෝ දඬුවම් දීමක් සිදු කර නැතැයි අගමැතිනි හරිනි අමරසූරිය පසුගිය 3 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ය.
“1998 අංක 20 දරන අධ්‍යාපන ආයතන නවක වධය සහ වෙනත් සාහසික ක්‍රියා තහනම් කිරීමේ පණත යටතේ නඩු පැවරීම් කර නෑ. නවක වධය විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර සැලසුම් කෙරෙනවා කියලා අපට තොරතුරු වාර්තා වෙනවා. ඒ් වගේ ම නවක වධය පළමු වසරින් අවසන් වෙන්නෑ කියන ඒකත් අනාවරණය වෙලා තිබෙනවා. එබැවින් ඒය පුළුල් ප්‍රශ්නයක් වෙලා. නවක වධය නැවැත්වීම සඳහා කාර්යසාධක බලකායක් පත් කරලා තිබෙනවා. ඒ සඳහා ශිෂ්‍යයන්ද ඇතුළත් වෙනවා.”
යනුවෙන්ද අගමැතිනිය ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්.
කෙසේ වෙතත් පසුගිය කාල වකවානුවේදී නවක වදය හේතුවෙන් ජීවිත කිහිපයක් අහිමි වුණු අතර ආසන්න දිනක කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියක් ජීවිතය නැති කරගැනීමට වැවකට පැන තිබුණේ නවක වදය දරාගත නොහැකි බව කියමින්.