/ Jan 29, 2026

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු ගල් අඟුරු නැවේ ගල් අඟුරුවල ප්‍රමිතියේ අඩුවක් තිබෙන නමුත් ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.1ක පමණ දඩ මුදලක් පනවන බැවින් එයින් රටට පාඩුවක් සිදුනොවන බව ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා පැවසුවේ,

“පළවෙනි නැවේ අපගමනයක් තියෙනවා. අපි ඒකට දඩ මුදලක් ගත්තා. ඒ දඩ මුදල මං හිතන්නෙ ඩොලර් මිලියන 2.1ක් විතර වෙනවා. දෙවැනි නැවේ වාර්තා දෙකම ඇවිල්ලා තියෙනවා. ඒ නැවේ දැනට තියෙන විදියට අපට එහෙම ප්‍රශ්නයක් නැහැ. තෙවැනි නැවත ඇවිල්ලා තවම ගොඩබාමින් පවතිනවා. හතරවැනි නැවත් ඇවිල්ලා – කවදාවත් ඉතිහාසයේ වෙච්ච නැති දෙයක් – අපි නැව් දෙකම දැන් ගොඩබාන්න උපදෙස් දීලා තියෙනවා. ඒවායේ කිසිම සාම්පලයක් විද්‍යාත්මකව, නීත්‍යානුකූලව, නිල වශයෙන් මෙතෙක් අරගෙන නැහැ” යනුවෙනි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා එහිදී කරුණු දක්වන ලදී.

එහිදී ඔහු පැවසුවේ ලියාපදිංචියේ කිසිදු ප්‍රශ්නයක් නොමැති අතර දඩ මුදල මෙන් දෙගුණයක පාඩුවක් රජයට් සිදුව ඇතැයි විපක්ෂයෙන්නැගෙන චෝදනා අසත්‍ය බවයි.

”ඕනෙම පාඩුවක් දරාගන්න පුළුවන් විදියට තමයි දඩ මුදල හැදෙන්නෙ. අපි මේ පළවෙනි නැවට ඩොලර් මිලියන 2.1ක දඩයක් ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් නැවක ගල් අඟුරුවල වටිනාකමත් මං හිතන්නෙ ඩොලර් මිලියන 6ක් වගේ. ඒක ලොකු ප්‍රමාණයක දඩ මුදලක්. ඒ කියන්නෙ කවුරුහරි අතින් වරදක් වුණත් ආයෙ ඒ වගේ වරදක් කරන්න හිතන්නෙ නැති ප්‍රමාණයේ දඩ මුදලක් අපි අයකරලා තියෙනවා. රජයට පාඩුවක් නැහැ. අපි හිතමු අපට තාප බලාගාරයකින් ඒ අදාළ අඩුවෙන විදුලිය හදන්න ඕනෙ කියලා, එතකොට ඒ මුදල දඩයෙන් ආවරණය වෙන විදියට තමයි ඒ සමීකරණ හදලා තියෙන්නෙ” යනුවෙන් ඔහු සඳහන් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top