/ Feb 10, 2026

කයිවාරු ගහන්න දෙයක් නෑ පුළුවන් නම් පළාත් සභා ජන්දය ගේන්න – නාමල්

”ආණ්ඩුව හිතනව නම් විපක්ෂය මර්දනය කරලා මහා සංඝරත්නය මර්ධනය කරලා මේ රටේ සංස්කෘතිය විනාශ කරලා ඩයස්පෝරාවට ඕන විදියට තමන්ගේ ප්‍රතිපත්ති තීන්දු තීරණ අරගෙන මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ආණ්ඩුව වැරදියි. අපි ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම්” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඒ අනුව හැකි නම් ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ ආකාරයෙන් පළාත් සභා මැතිවරණයත් පවත්වන ලෙසයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එවිට මේ වන විට ආණ්ඩුව සිටින තැන බලාගත හැකි වනු ඇති බව ඔහු කියා සිටියි.

”අපිට මතකයි මේ ආණ්ඩුවේ වර්තමාන ජනාධිපතිවරයා එදා කියනවා සමහර නිලධාරීන් ෆයිල් හංගගෙන හිටියා මේ ජනාධිපතිවරයාගේ බලයට පැමිණීම සහ ඔවුන්ගේ ආණ්ඩුවක් හදනකන් මේ පරීක්ෂණ කටයුතු වලට සාධාරණයක් කරන්න. ඒ පරීක්ෂණ කටයුතු සාර්ථකව කරන්න ඕන කියල. ඒ ෆයිල් හංගපු අයගෙන් තමයි අහන්න ඕන. අර කැබ් එක මතකයිනේ,ඒක පිටිපස්සේ ෆයිල් මිටි ගණන් ගෙනාවා. ඉතින් කැබ් එක එලවපු කෙනාගෙන් තමයි අහන්න වෙන්නේ මොකක්ද ෆයිල්වලට උනේ කියලා. තමන් සල්ලිවලට බොරු කියලා ඒ බොරු ඇත්ත කරන්න මේ රටේ පොලීසිය පාවිච්චි කරනවා. දූෂණ මර්දන කමිටුවක් කියලා ඒ කාලේ දාලා ඒකේ හිටපු ලේකම් අද පොලිස් ඇමති කරලා. උපරිම කඩේ යන පුද්ගලයෙක් පොලිස්පතිවරයා බවට පත් කරගෙන ඒ පොලිස්පතිවරයාට තමන්ගේම බොරු ටික ඔප්පු කරන්න කියලා බලපෑම් කරලා අද ඒක ඔප්පු කරගන්න බැරිනකොට දැන් එක එක ඒවා මිසින් කියනවා. මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය බලන්නකෝ මහා සංඝරත්නයට සලකන විදිය, ත්‍රිකුණාමලය ස්වාමීන්වහන්සේ බුදුපිළිම තැන්පත් කිරීම සම්බන්ධව එක වෙලාවක කිව්වා බුදු පිළිමය ආරක්ෂා කරන්න පොලීසියට වැඩමෙව්වා කියලා, බුදුපිළිමය ආරක්ෂා කරන්න ආපුු හාමුදුරුවෝ රිමාන්ඩ් කරලා. මේක තමයි මේ අය මේ රටේ දේශපාලනික වශයෙන් බංකොලොත් වෙනකොට එක පැත්තකින් හාමුදුරුවන්ට අපහාස කරනවා තව පැත්තකින් ආගමික නායකයන්ට අපහාස කරනවා දේශපාලන පක්ෂ විවේචනය කරනවා. ඒ ඔක්කොම බැරිවෙලා ෆේල් වේගෙන යනකොට දැන් ඊළඟට කියනවා ඉතින් මේ ෆයිල්වල මේක නැහැ කියලා අරක නැහැ කියලා නහයෙන් අඩනවා. ඉතින් අර ජනාධිපතිතුමා කෙදිරි ගන්න එපා කියලා තියෙන්නේ මේ අයටමයටම තමයි. අපි ප්‍රශ්නවලටම බය නෑ. මොකද ප්‍රශ්නවලට උත්තර හොයනවා මිසක් අපි ප්‍රශ්නවලින් අයින් වෙන අය නෙවෙයි” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top