/ Nov 21, 2025

ලොක්කෝ ආවේ නැති වුණාට සජබේ ගමේ නායකයෝ අපේ වැඩෙත් එක්ක ඉන්නවා!

සමඟි ජන බලවේගයේ ජාතික මට්ටමේ දේශපාලකයින් හෙට පැවැත්වෙන විපක්ෂයේ රැළියට සහභාගී නොවුණද ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාකාරිකයින් ඊට සහය දක්වමින් රැළියට සම්බන්ධ වීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසයි.

එම ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාකාරිකයින්ට පහසුකම් සපයන ප්‍රධාන දේශපාලකයින්ද සිටින අතර ඔවුන්ට ස්තුතිවන්ත වන බවද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියි.

කෙසේවෙතත් සමඟි ජන බලවේගය හෙට විපක්ෂයේ කණ්ඩයම් කිහිපයක එකතුවෙන් නුගේගොඩදී පැවැත්වීමට නියමිත මහජන රැළියට සහභාගීවෙනවාද? නැද්ද? යන්න පිළිබඳ ප්‍රතිපත්තිමය දැනුම් දීමක් කර නොමැති බවද ඔහු ප්‍රකාශ කරයි.

හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top