/ Jun 18, 2025

දරුවා මරණවැයි කියා කෝටි 2ක් කප්පම් ඉල්ලූ සැකකරුවෝ දැලේ

බඩල්ගම පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි අයෙකු සහ ඔහුගේ දරුවා ඝාතනය කරන බවට තර්ජනය කර රුපියල් කෝටි 2ක කප්පම් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක් ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ  සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර මොවුන් අත්අඩංගුවට ගනු ලැබිණ.

සැකකරුවන් අවුරුදු 32 හා 46 වයස්වල පසුවන මැටියගනේ හා කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම අපරාධය සඳහා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ නම් භාවිතා කොට ඇති අතර ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවත්, පැමිණිලිකරු බියට පත් කිරීම සඳහා මෙම නම් භාවිතා කර ඇති බවටත් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

මේ සඳහා සැකකරුවන් විසින් යොදාගත් බව කියන සෙල්ලම් පිස්තෝලයක්, යතුරුපැදියක්, ත්‍රීරෝද රථයක්, ජංගම දුරකතන සහ සිම් කාඩ්පත් සහ ATM කාඩ්පත් ඇතුළු සැක භාණ්ඩද අත්අඩංගුවට ගෙන ඇත.

කප්පම් මුදලෙන් ලබා ගත් නවීන යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත. බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top