පිටකොටුව ඔ්ල්කට් මාවතේ පිහිටි කොළඹ නි. පොලිස්පති කාර්යාලයේ 6 වැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයට ඇතුළු වූ සොරු එහි විදුලි රැහැන් පද්ධතිය කපාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
පැය 24 පුරා පොලිස් නිලධාරීන් ගැවසෙන දැඩි ආරක්ෂාවක් සහිත මෙම පරිශ්‍රයේ කැමරා පද්ධතියක්ද ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත් සොරුන් ඇතුළු වී ඇත්තේ 6 වැනි මහලේ ඇති දොරක් කඩා විවෘත කර බව පොලිසිය පවසයි.