/ Jul 27, 2025

නිලධාරියාගේ මුහුණට සිතාසිය දමා ගැසූ තිළිණි ප්‍රියාමාලිට ක්‍රියාමාර්ග නෑ!

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවට අදාළ නඩුවකට සිතාසි භාරදීමට ගිය අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරමින් එය භාර දුන් නිලධාරියාට දමා ගසා බැණ වැදී අධිකරණ ක්‍රියාමාර්ගය හෑල්ලුවට ලක් කළ පුවතක් වාර්තා වේ.

මෙම සිදුවීමට අදාළව කටඋත්තර ගැනීමට පොලිසියට යන්නැයි අධිකරණය ඇයට නියෝග කර ඇතත්, මේ දක්වා පොලිසියට පැමිණ නැති බවත් මේ ගැන ක්‍රියාකිරීමට පොලිසියට උනන්දුවක් නැති බවත් සමස්ත ලංකා සිතාසි ක්‍රියාත්මක සංගමය පවසයි.

අධිකරණ භූමියේදී ම නිලධාරියා සිය අනන්‍යතාව ප්‍රකාශ කර ඇයට සිතාසිය භාරදීමට උත්සාහ කර ඇති අතර, ඇය එහි පිටුපස යමක් ලියා එය භාර ගැනීමට ප්‍රතික්ෂේප කර බැණ තර්ජනය කර පිටත්ව ගිය බවයි ඔවුන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් සිතාසි ක්‍රියාත්මක නිලධාරියා හෝමාගම පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ. පොලිසිය මෙය බැණ තර්ජනය කිරීමක් ලෙස පමණක් ගෙන කටයුතු කරන බවත් එය අධිකරණ නියෝග හෑල්ලුවට ලක් කිරීමක් බවද සංගමය කියා සිටී.

මගේ ස්වාමි පුරුෂයා හිටියා නම් මං කවුද කියලා දැනගන්න පුළුවන් යනුවෙන් වහසි බස්ද ඇය දොඩා ඇති බව සංගමයේ හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නේ ය. පොලිසිය මේ ගැන මැදිහත් වන දියාරු ස්වභාවය කුමන හේතුවක් මතදැයි නොදන්නා බව ද ඔහු කියා සිටි අතර, මෙය හෙළා දකින බවත් කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් අවධාරණය කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top