/ Feb 11, 2026

මේ ආණ්ඩුවේ තියෙන්නෙත් පික්පොකට් න්‍යාය – නාමල්

වත්මන් ආණ්ඩුවද අනුගමනය කරන්නේ පිට්පොකට් න්‍යාය බව ශ්‍රී ලංකා පොදුජන් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ගල් අඟුරුවලින් හොරකම් කරන අතර කැබ් 1700ක් ගෙනල්ලා අනවශ්‍ය විදිහට මුදල් වියදම් කරන අතරතුර අනෙක් අයට හොරා කියමින් චෝදනා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”පික්පොකට්කාරයා පික් පොකට් එක ගහලා පාරෙදි දුවනවා මෙන්න පික් පොකට්කාරයෙක් ඉන්නව කියල සාමාන්‍ය මනුස්සයෙක් පස්සේ එතකොට අහිංසක මනුස්සයා ගුටි කනවා පික් පොකට්කාරයා බේරෙනවා.ඉතින් මේ ආණ්ඩුවත් පික් පොකට් න්‍යාය තමයි අනුගමනය කරන්නේ.ගල් අඟුරු වලින් හොරකම් කරන ගමන් කැබ් 1700ක් ගෙනල්ලා අනවශ්‍ය විදිහට මුදල් වියදම් කරන ගමන් අනිත් අයට හොරා කියලා කියනවා. දැන් වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් තියෙනවා දැන් මේ කැබ් 1700 ගේන එක පැත්තකින් තියලා ඒ මුදල් වලින් වෛද්‍යවරුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න පුළුවන්නේ, රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ටික ගෙනත් දෙන්න පුළුවන්නේ. හැබැයි ආණ්ඩුව මොකක්ද කරන්නේ වෛද්‍යවරුන්ගේ හෝ මේ රටේ වෘත්තිකයන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නැති ආණ්ඩුව තමන්ට කැබ් පදින්නම් ගේනවා. හැබැයි ඒක ගේන්නෙත් ණයට. හැබැයි ණයට ගෙනල්ලා යුද්දේ ඉවර කරපු ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අයත් උපකරණ පෙන්වන්න ලැජ්ජයි. හැබැයි කැබ් එක ණයට අරන් පදින්න ලැජ්ජ නෑ. ඉතින් ආණ්ඩුවෙනුත් මම කියන්නේ කරුණාකරලා රටේ රෝගීන් ගැන හිතන්න. සාමාන්‍ය ජනතාව රජයේ රෝහල්වලට ගිහිල්ලා අසරණ වෙලා ඉන්නවා දුක් විඳිනවා. එදා අපිට බැන්නනෙ දැන් ඉතින් පුළුවන් මේ කැබ් ගේන එක පැත්තකින් තියලා ඒ මුදල් ටික සෞඛ්‍ය ක්ෂේත්‍රයට දාලා ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් ටික සලසා දෙන්න සහ ඒ වෛද්‍යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් තියෙනවනම් ඒවට ඇහුම්කන් දෙන්න.

අර දිට්වා සුළි සුළඟට කුණාටුවට අහුවෙච්ච අයට ගෙවල් දෙනවට ඉඩම් දෙනවට වඩා හිටපු මන්ත්‍රීවරුන්ගේ පැන්ෂන් එකක් අයින් කරන එක තමයි ප්‍රධානම කාරණය. දැන් ඔය හදිස්සියේම තිබ්බනේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදරින් එළියට දාන්න. දැන් ඒකෙ ලොකූ වාසියක් ආණ්ඩුවට ඇවිල්ල තියෙනවනේ දැන් ඒ වගේ ප්‍රතිලාභ මිනිස්සුන්ට දෙන්න පුළුවන්. දැන් මන්ත්‍රීවරුන්ගේ පැන්ෂන් එක නැවත්තුවටට පස්සේ ඒ මුදල් ටික ජනතාවට දෙන්න පුළුවන්.” යනුවෙන් මන්ත්‍රීවරයා කියාසිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top