/ Jun 27, 2025

බසයේදී කතකගේ දඟ යුග රූගත කළ අයෙක් වසර දෙකකට හිරේ!

බොරැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටි තරුණියකගේ කකුල් ජංගම දුරකතනයකින් රූගත කළ බවට වරද පිළිගත් තරුණයෙකුට වසර 20 කට අත්හිටවූ බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් විත්තිකරුට රුපියල් 1,500 ක දඩයක් නියම කළ අතර වින්දිත තරුණියට වන්දි වශයෙන් රුපියල් 50,000 ක් ද ගෙවන ලෙසද නියෝග කළේය.

එම වන්දි නොගෙවන්නේ නම් දෙමටගොඩ පදිංචි විත්තිකරුට අමතර මාස හයක සිර දඬුවමක් නියම කිරීමට ද නියෝග කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top