සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රී ජගත් විතානට එල්ල වී ඇති ජීවිත තර්ජන දේශපාලන හේතු නිසා නොව, සංවිධානාත්මක අපරාධ හා නීතිවිරෝධී ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් සමඟ ඔහුට ඇති සම්බන්ධතා හේතුවෙන් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
එම තර්ජන එවැනි සබඳතා හා බැඳී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බවත්, මන්ත්‍රීවරයාට තාවකාලික පොලිස් ආරක්ෂාව සපයා ඇති බවත් පොලිස්පතිවරයා තහවුරු කරයි.
මන්ත්‍රී ජගත් විතානට ජීවිත තර්ජන තිබුණත් මෙය දේශපාලන අරමුණු නිසා පැන නැගී ඇති එකක් නොවන බවත්, සංවිධානාත්මක අපරාධකරුවන් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් කරන අයවලුන් සමඟ ඔහුගේ අතීතයේ තිබු ගනුදෙනු නිසා ඇති වූ තර්ජන බවත් බුද්ධි තොරතුරු වාර්තා පවසන බවද ඔහු කියා සිටී.
තමා වාහනයෙන් බැස යන අවස්ථාවේදී ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇතැයි ද එම තොරතුරු පොලිසියට ලැබී ඇති බවට තමන් දැනුම්වත් කර ඇති බවද ඔහු පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
මේ වන විට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇති අතර තර්ජනයේ මූලාශ්‍රය තහවුරු කර ගැනීම සහ සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව පොලිස්පතිවරයා පවසයි.





